පසුගිය දිනෙක නවසීලන්තයේ උතුරු දූපතේ පාකිරි වෙරලේ සුන්දරත්වය විදිමින් සිටි පවුලකට අද්භූත ගණයේ ජෙලිෆිෂ් වර්ගයේ සත්වයකු දකින්නට ලැබුණි.මිදිගෙඩි වල හැඩයකින් ඇති මද්‍ය කොටසක් ඇති මෙම සත්වයා දකින ඕනෑම අයෙකුට ගිනිකන්දක් ගිනිකන්දක් සිහියට නැගීම අරුමයක් නොවන්නේය.
තවදුරටත් විමසා බැලීමේදී අනාවරණය වී ඇත්තේ මෙම සත්වයා කේශර සිංහ ජෙලි ෆිෂ් lion's mane jellyfish (Cyanea capillata) ගණයට අයත් සත්වයකු බවය.(ඔබ ෂර්ලොක් හෝම්ස් රසිකයෙකු නම් මේ නම අසා ඇතුවාට සැක නැත )
ඕශීනා oceana සංවිධානය පවසන් පරිදි මෙම සත්වයින් නවසීලන්ත්ය ආශ්රිත මුහුදේ දැකගත හැකි බව පවසේ. ජෙලි ෆිෂ් ගණයේ දැවන්තයින් වන මෙම සත්වයින් හොදින් වැඩුනු පසු අඩි 7 ක පමණ විශ්කම්බයකින් යුක්ත වේ. ඔවුන් ආහර දඩයම් කරන අඬුවක දිග අඩි 21 පමන වේ. (සාමාන්‍ය විදුලි කනුවක උස.) ඉතින් ඔබට වැටහෙනවා නෙද මොවුන්ගෙ දැවන්ත බව.
මොවුන්ගේ විෂ දල ප්‍රහරයක් මිනිසෙකු උවත් අකර්මණ්‍ය කිරීමට සමත්. සාගර ජලයේ ආම්ලිකතාව වැඩිවීම නිසා මෙම ජෙලිෆිෂ් ගහනයේ වැඩිවීමක් පෙන්නුම් කරන අතර, මෙම තත්වය ධීවර හා සංචාරක කර්මාන්තය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කිරීමට හැකිබව කර්මාන්ත කරුවන් පවසයි
ලයිව් සයන්ස් හා ඕෂීනා ඇසුරෙනි
No comments:
Post a Comment