ග්‍රීසියේ තිබෙන Aitoliko කියන්නෙ දූපතක් මැද තිබෙන ලස්සන ගම්මානයක්. අද වන විට බොහෝ සංචාරකයන් මේ දූපතට එන්න පටන් අරන් තියෙනවා. ඒ වෙන මොකවත් හින්දා නෙවෙයි. වෙරලාසන්නයේ මකුලුවන් විසින් නිර්මාණය කරල තිබෙන යෝධ මකුලු දැල් දැක බලාගන්න. මේ මකුලු දැලක් වර්ග අඩි 10000 ක් විතර වෙනවා. ඒවගේම දිගින් මීටර් 300 ක පමන අගයක් ගන්නවා.
මේ විස්කම කරන්නෙ Tetragnatha.කියන මකුලුවන් විශේෂයක්.මොවුන්ව ඇදෙන මකුලුවන් කියාත් හදුන්වනවා. ඒ ඔඋන්ගෙ තිබෙන දිගටි ශරීර ස්වභාවය නිසා.
විද්‍යාඥයන් පවසන අන්දමට තව පරම්පරා දෙක තුනකින් මේ අපුරු සත්ව කොට්ඨාශය මිහිපිටින් තුරන් වෙනවාලු. ඊට හේතුව ලෙස ඔව්න් දක්වන්නේ ගෝලීය උනුසුම වැඩිවීම නිසා ඔවුන්ගේ ප්‍රජනන ක්‍රියාව අඩපණ වීම හා ආහාර ජාලවල සිදුවන වෙනස්කම්.
බලන්න මිනිස් ක්‍රියාකාරකම් මේ අපූර්වත්වය මිහිපිටින් තුරන් කරන් අන්දම.
No comments:
Post a Comment