Monday, 29 October 2018

බෙහෙත් බොන එක හිතනවට වඩා බරපතලයි...



 අපි හැමෝම ලෙඩ වෙනවා. ලෙඩ උන ගමන් අපි බොහෝ වෙලාවට දොස්තර මහත්තයෙක් ගාවට දුවගෙන යන එක තමයි කරන්නෙ. කව්ද හිතන්නෙ ලෙඩ හොද වෙන්න දෙන බෙහෙතුත් අපිට හෙන ලෙඩක් වෙයි කියලා. අපි මේ කියන්න යන්නෙ එ ගැනයි.
මැන්චෙස්ටර් සරසවියෙ වෛද්‍ය කන්ඩායමක් කරපු පරීක්ෂණයකට අනුව පෙනී ගොස් තියෙන්නෙ මේ බෙහෙත් බොන එකෙන් අපේ වකුගඩු වලට හා අපේ ශරීරයේ බහිස්ස්‍රාවීය පද්ධතියට වෙන හානිය ඉතා විශාල බවයි.
ඔවුන් මෙම පරීක්ෂනය සඳහා යොදාගෙන තියෙන්නෙ ආතරයිටීස්, හදවත් රෝග ඒ වගේම පිලිකා වැනි රෝගී තත්වයන්ට බෙහෙත් ගන්න රෝගීන් පිරිසකුයි. එහිදී ඔවුන්ට පෙනී ගොස් ඇති කාරණවක් තමයි මෙ රෝගීන්ගේ වකුගඩු හා බහිස්ස්‍රාවීය පද්ධතියේ අඩපණ වීම් හා එම කොටස් පිලිකා රෝග වලට ගොදුරු වීමේදී ඉතා වැඩි ඉඩක් පවතින බවයි.
ඔවුන් පවසන්නෙ වෛද්‍යවරුන් වගේම රෝගීනුත් මේ පිලිබඳව ඉතා සැලකිල්ලෙන් කටයුතු කල යුතු බවයි. රොගීන් ඉතා ප්‍රමාණවත් අන්දමින් ජලය පානය කිරීම හා රෝග පාලනය කරගැනීම වැදගත් බවයි. අපේ රටේ නම් වන් ශොට් ලගෙන් බෙහෙත් ගන්න අයත් මේ හින්දා බෙහෙත් ගන්න දෙපාරක් හිතන්න ඔන.

Thursday, 25 October 2018

බලු පැහැයයි. සෞඛ්‍යයයි..

සිඩ්නි විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් කරන ලද නවතම පරීක්ෂණයකින් හෙලිවී ඇත්තේ බල්ලන්ගේ වර්ණය ඔවුන්ගෙ සෞඛ්‍යමත් බව පෙන්වන සධකයක් විය හැකි බවයි. 
ඔවුන් මෙම පරීක්ෂණය සඳහා ලැබ්ඩ්‍රේඩර්ස් වර්ගයේ බලු සුරතලුන් තිස්තුන්දහසක් පමණ අධ්‍යනය කර තිබෙනවා. එහිදී හෙලිවී ඇත්තෙ ඩුබුරු පැහැයක් ඇති සතුන් ගේ ආයු කාලය එම වර්ගයේම සුදු සහ කලු වර්ණයන්ගෙන් යුහ් සතුන්ට වඩා සාපේක්ෂව අඩු බවයි.
වැඩිඩුරටත් අදහස් දක්වන පර්යේෂකයන් කියාසිටින්නෙ,සාමන්යෙන් ලැබ්ඩ්‍රේඩර්ස් වර්ගයෙ සතෙකු සාමාන්‍ය පශු වෛද්‍ය පහසුකම් යටතේ වසර 12 ක් පමන ජීවත් වුවත් දුබුරු පැහැය ඇති සතුන් බොහෝවිට එම කාලයෙන් සියයට අනූවක් වත් ජීවත් නොවන බවයි. මේ සඳහා සතුන්ගේ වර්ණය තීරණය කරනු ලබන ජානය හෝ පරිසර සංවේදීතාව බලපානු ඇතැයි ඔවුන් පෙරයීම් කරන අතර වැඩිදුර පර්යේෂණ කටයුතු කිරීමටද බලාපොරොත්තුවෙන් සිටියි.

Thursday, 11 October 2018

කෘමීන් සමඟ වන යුද්ධය..




යුද්ධය අපට අමුතුවෙන් පැහැදිලි කලයුතු යමක් නොවේ. ජීවිත දහස් ගණනක් අහිමි වුවත් ජීවිත ගාණකට උන් හිටි තැන් අහිමි වූවත් විද්‍යාවට හා ඇතැම් විද්‍යාඥයන්ට නම් ඉතා සරුයි. ඒ  නවීන අවි ආයුද හා නව තාක්ෂණික යෙදුම් නිපදවීමට නොමසුරුව අරමුදල් හා පර්යේෂන පහසුකම් ලැබීමයි.
ජීව විද්‍යාත්මක අවි. අද ලෝකයේ බොහෝ අවධානයට ලක් වූ මාතෘකාවක්.සයන්ස් ඩේලි සඟරාව පවසන පරිදි ඇමරිකානු රාජ්ය ආරක්ශක දෙපාරතුමේන්තුව මගින් මූල්‍යාධාර සපයනු ලබන ආයතනයක් වන උසස් ආරක්ශන පර්යේෂණ ආයතනය මගින් නිපදවන ලද ජාන විකෘති කරන ලද වයිරස් විෂෙශය දැක්විය හැකියි.කෘමීන් ගේ මඟින් ව්‍යාප්ත කිරිමට සැලසුම් කරන ලද මෙම වයිරස් විශේෂය භෝග වගාවට හනිකර කෘමීන් සහ භෝගවල ඵලදාව වැඩි කිරීමට සමත්.මෙම වයිරස ප්‍රවාහන්ය සඳහා ඔවුන් ජානමය වශයෙන් දියුණු කරන ලද මැස්සන් විශේෂයක් අවුරුදු හතරක වෑයමකින් පසුව නිපඳවා තිබෙනවා.සමහර විද්‍යාඥයන් මෙය අතුරු අනතුරු බහුල ප්‍රයත්නයක් ලෙසයි හදුන්වන්නේ.නමුත් යුධ විශේශඥ්ඥයන් පවසන පරිදි මෙම තාක්ෂණය වැරදි පුද්ගලයන් අතට පත් වුවහොත් තෙවන ලෝකයුද්ධය් න්‍යෂ්ටික අවි වලින් ආරම්භවී කෘමින් සමඟ වන යුද්ධයකින් අවසන් වනු ඇති බවයි.

Friday, 28 September 2018

කණ්ඩායම් ක්‍රීඩාවෙන් ලැබෙන දේ..

 
ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් කරන ලද නව පර්යේෂනයකට අනුව කණ්ඩායම් ක්‍රීඩා කරන කාන්තාවන්ගේ මානසික සෞඛ්‍ය හා පවුල් ජීවිතය වඩා යහපත් වන බව පෙනීගොස් ඇත.
මෙම පර්යේෂනය සඳහා ඔවුන් ඕස්ට්‍රේලියානු දැල්පන්දු කණ්ඩායමක්, ටෙනිස් කාන්තා කණ්ඩායමක් හා තනිව ශාරීරික ව්‍යායාම හා තනිව ඇවිදීමේ ව්‍යායාම කරන කාන්තාවන් පිරිසක් නි‍යැදි වශයෙන් යොදාගෙන ඇත.මෙම කාන්තාවන් අතුරෙන් කණ්ඩායම් ක්‍රියාකාරකම් කරන කාන්තාවන්ගේ මානසික තත්වය ඉතා යහපත් බව පෙනී යයි.එමෙන්ම ඔවුන්ගේ යුග දිවිය හා පෞද්ගලික දිවිය ඉතා ප්‍රීතිමත් අයුරින් ගෙවී යන බවද පෙනී ගොස් ඇත. මෙම නිසා පර්යේශකයින් තනිව කරන ශාරීරික ක්‍රියාකාරකම් වලින් බැහැරව කණ්ඩායම් ක්‍රියාකාරකම් කිරීමට මහජනයා උනන්දු විය යුතු බව පෙන්වා දෙයි.




ග්‍රේටර් ගුඩ් සඟරාව ඇසුරිණි.

Tuesday, 25 September 2018

ඉවතට යන කාබන් ඩයොක්සයිඩ් නැවත ප්‍රයෝජනයට


 අද වන විට ගෝලීය උනුසුම වැඩිවීම මුලු ලෝකයක් මුහුන පා ඇති ගැටලුවකි. මේ සඳහා ප්‍රධාන වශයෙන් හරිතාගාර ආචරණය බලපායි. හරිතාගාර ආචරනය සිදුවීමේදී දහනය නිසා වායුගොලය ට එක්වන කාබන් ඩයොක්සයිඩ් මගින් පෘථිවියෙන් පිටවන තාපය නැවත පෘථිවිය දෙසටම හරවා එවීම සිදුකරයි.
මෙම නිසා වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් පාලනය කිරීම සිදුවිය යුත්තකි. සත්ව හා ශාක මගින් සිදු කරන ස්වසනයෙන් හා කාබනික ද්‍රව්ය දහනය කිරීමේදී වැඩි වශයෙන් මෙම වායුව වායු ගෝලයට එක්වෙයි.
 Delware විශ්ව විද්යාලයේ පර්යේශකයින් පිරිසක් විසින් මේ සඳහා පිලියමක් ලෙස ඉන්දන දහනය වෙනුවට ද්වි පියවර විද්යුත් ව්ච්චේදන ක්‍රමයක් යෝජනා කර සිටියි.මෙහිදී පලමුව CO2  COබවටත් පසුව CO C+2 අණු බවටත් පත් කරනු ලබයි.


මෙම පර්යේෂණය මෙහෙයවන  Delware සරසවියේ මහාචාර්ය ෆෙන්ග් ජ්යෝ පවසන පරිදි මෙම ක්‍රමය ඉන්දන දහනයට වඩා ඉතා කාර්යක්ශම වන අතර වඩා පරිසර හිතකමී ක්‍රමයක් ලෙසට දියුනු කල හැක

සයන්ස් ඩේලි අසුරෙනි

Monday, 24 September 2018

ලාබදායී සහ වැඩි කාර්යක්ශමතාවයකින් යුත් සෝඩියම්-අයන් බැටරිය..







ඔබ ස්මාර්ට් ජංගම දුරකතන භාවිතා කරන්නෙකු නම් ඔබට තිබෙන ප්‍රධාන ගැටලුව නම් බැටරියේ ආරෝපණය පැය කිහිපයකට පමණක් සීමා වීමයි. එමෙන්ම නූතනයේ ප්‍රධාන වශයෙන් බැටරි නිෂ්පාදනයේ දී භාවිත කරන්නේ ලිතියම් සහ යකඩ මිශ්‍රණයකි.

 නමුත් ලෝකයේ ලිතියම් නිශ්පාදනය සීමාසහිත වීම නිෂ්පාදකයින් මුහුණපාන ප්‍රධාන ගැටලුවකි. මේ සදහා විද්‍යාඥයින් යෝජනා කරන්නේ පරිසරයේ බහුල සෝඩියම් ලෝහයයි.නමුත් ගැටලුව නම් මෙම ලෝහය අධික ක්‍රියාශීලීත්වයකින් යුක්ත නිසා ස්ඵෝටනය වීමට ඇති හැකියාවයි. මේ සදහ විසඳුම් සොයන purdue සරසවියේ පර්යේෂකයින් මේ සඳහා කදිම විසදුමක් යෝජනා කර සිටිනවා. ඔවුන් පෙන්වාදෙන ආකාරයට සෝඩියම් සියුම් කුඩු මිශ්‍රනයක් ලෙස යෙදීමෙන් ස්ඵෝටන හැකියාව පමණක් නොව සෝඩියම් අයන හා කාර්බන් ඉලෙක්ට්‍රෝඩ අතර විද්යුත් සන්නයනය ද අධිකාර්යක්ෂමතාවයකින් හා අඩු විදුලි ධාරවක් භාවිත කල හැකි අයුරින් සකසාගත හැකි බවයි

මව් කුස නොදකින දරුවන්

 දරුවෙක් ගෙ පලමු ආදරය තමයි අම්මා. සමහර දරුවන් ගෙ අම්මලා වැදූ දරුවව දාල යනවා. තවත් සමහරු දරුවන් නැතිව දුක් වෙනවා. මේ අතර අනාගත ලෝකයේ අම්මල දරුවන් හදන්න බැරි තරමට කාර්යයබහුල වෙන බව සමාජීයය විද්‍යාඥයින් පවසනවා.
මේ අතර තමයි ෆිලඩෙල්ඵියා විශ්ව විද්යාලයේ කායික වෛද්‍ය වරුන් පිරිසක් කෘතිම ගර්භාශයක් නිර්මාණය කරන්නෙ.
ඔවුන් පලමු පියවර විදියට බැටලු කලල අට්ක් යොදාගෙන මෙම පර්යේශනය කරල තිබෙනවා. ඔවුන් අති සාර්ථකව සති අටක කාලයක් මෙම කලල රදවගෙන පටවුන් බිහිකරන්න සමත් වෙනව.

හරියට මෙම ගර්භාශය ජීව කවරයක් වගෙ. නිර්මාණය කරල තියෙන්න පොලිමෙර් වර්ගයකින්.ඒ තුලට කෘතිමව වායූන් සහ ආහාර සපයනවා. මෙම පර්යේශකයන්ගේ ඊලග පියවර විදියට කෘතිම ගර්භාශයක් තුල මිනිස් ඩරු උපතක් සිදු කිරීමට ඔවුන් සූදානම්. එහෙත් සමහර පිරිස් ස්වභාවධර්මයා ඉක්මවා යාමක් ලෙස හදුන්වමින් මෙයට විරොදතා එක්කර තිබෙනව.


යූටියුබ් වීඩියෝව පහතින්

 https://youtu.be/dxn6msihFjc

Saturday, 22 September 2018

පිටසක්වලින් ආ ජෙලි ෆිෂ්...

පසුගිය දිනෙක නවසීලන්තයේ උතුරු දූපතේ පාකිරි වෙරලේ සුන්දරත්වය විදිමින් සිටි පවුලකට අද්භූත ගණයේ ජෙලිෆිෂ් වර්ගයේ සත්වයකු දකින්නට ලැබුණි.මිදිගෙඩි වල හැඩයකින් ඇති මද්‍ය කොටසක් ඇති මෙම සත්වයා දකින ඕනෑම අයෙකුට ගිනිකන්දක් ගිනිකන්දක් සිහියට නැගීම අරුමයක් නොවන්නේය.
තවදුරටත් විමසා බැලීමේදී අනාවරණය වී ඇත්තේ මෙම සත්වයා කේශර සිංහ ජෙලි ෆිෂ් lion's mane jellyfish (Cyanea capillata) ගණයට අයත් සත්වයකු බවය.(ඔබ ෂර්ලොක් හෝම්ස් රසිකයෙකු නම් මේ නම අසා ඇතුවාට සැක නැත )
ඕශීනා oceana සංවිධානය පවසන් පරිදි මෙම සත්වයින් නවසීලන්ත්ය ආශ්‍රිත මුහුදේ දැකගත හැකි බව පවසේ. ජෙලි ෆිෂ් ගණයේ දැවන්තයින් වන මෙම සත්වයින් හොදින් වැඩුනු පසු අඩි 7 ක පමණ විශ්කම්බයකින් යුක්ත වේ. ඔවුන් ආහර දඩයම් කරන අඬුවක දිග අඩි 21 පමන වේ. (සාමාන්‍ය විදුලි කනුවක උස.) ඉතින් ඔබට වැටහෙනවා නෙද මොවුන්ගෙ දැවන්ත බව.

මොවුන්ගේ විෂ දල ප්‍රහරයක් මිනිසෙකු උවත් අකර්මණ්‍ය කිරීමට සමත්. සාගර ජලයේ ආම්ලිකතාව වැඩිවීම නිසා මෙම ජෙලිෆිෂ් ගහනයේ වැඩිවීමක් පෙන්නුම් කරන අතර, මෙම තත්වය ධීවර හා සංචාරක කර්මාන්තය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කිරීමට හැකිබව කර්මාන්ත කරුවන් පවසයි



ලයිව් සයන්ස් හා ඕෂීනා ඇසුරෙනි
    පුංචි මකුලුවන්ගේ යෝධ වැඩක්............


ග්‍රීසියේ තිබෙන Aitoliko කියන්නෙ දූපතක් මැද තිබෙන ලස්සන ගම්මානයක්. අද වන විට බොහෝ සංචාරකයන් මේ දූපතට එන්න පටන් අරන් තියෙනවා. ඒ වෙන මොකවත් හින්දා නෙවෙයි. වෙරලාසන්නයේ මකුලුවන් විසින් නිර්මාණය කරල තිබෙන යෝධ මකුලු දැල් දැක බලාගන්න. මේ මකුලු දැලක් වර්‍ග අඩි 10000 ක් විතර වෙනවා. ඒවගේම දිගින් මීටර් 300 ක පමන අගයක් ගන්නවා.





මේ විස්කම කරන්නෙ  Tetragnatha.කියන මකුලුවන් විශේෂයක්.මොවුන්ව ඇදෙන මකුලුවන් කියාත් හදුන්වනවා. ඒ ඔඋන්ගෙ තිබෙන දිගටි ශරීර ස්වභාවය නිසා.


විද්‍යාඥයන් පවසන අන්දමට තව පරම්පරා දෙක තුනකින් මේ අපුරු සත්ව කොට්ඨාශය මිහිපිටින් තුරන් වෙනවාලු. ඊට හේතුව ලෙස ඔව්න් දක්වන්නේ ගෝලීය උනුසුම වැඩිවීම නිසා ඔවුන්ගේ ප්‍රජනන ක්‍රියාව අඩපණ වීම හා ආහාර ජාලවල සිදුවන වෙනස්කම්.
බලන්න මිනිස් ක්‍රියාකාරකම් මේ අපූර්වත්වය මිහිපිටින් තුරන් කරන් අන්දම.