Monday, 4 March 2019

බොහෝ දරුවන් වැදීම වයසට කාන්තාවන් වයසට යාම වලක්වයි


සිමෝන් ෆ්‍රසෙර් විශ්ව විද්යාලයේ පර්යේෂකයින් කරන ලද පරීක්ෂනයකට අනුව බොහෝ ජීවත්වන දරුවන් බිහිකල මව් වරුන්ගේ ශරීරය මහලු වීම ප්‍රමාද කරන බවයි. එහිදී ඔව්න් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ටොලෙමෙයර් නම් වූ ඪ්ණා අනුවේ ආරක්ශාකාරී කොටස වර්ධනය වන බවයි.මෙම ටොල්ලෙමයර් කොටසින් ශරීරය මහලු වීම කල් යනවා.https://www.sciencedaily.com/rele
ases/2016/01/160108083731.htm

Tuesday, 22 January 2019

ලේ වගා කිරීම.


එක් එක් වර්ග වල ශාක වර්ග වගා කරනවා ඔබ අසා ඇති. ඒත් ඔබ නිකමට වත් සිතුවාද ලේ වගා කිරීමක් ගැන. මේ එවැනි පුවතක් ගැනයි. ඔබේ ලඟම ඥාතියෙකු හදිසි ශල්‍යකර්මයකට මුහුණ දීමාට සිහු වූ අවස්ථාවක රෝහල් කාර්යය මණ්ඩලය මෙන්ම ඔබත් ලොකු අපහසුතාවයකට පත් වෙන්නෙ එම රෝගියාට අවැසි ලේ වර්ගය සොයා ගැනීමටයි. විශේෂයෙන්ම O- හා බොම්බේ O+ වැනි අතිශයින් දුර්ලබ ලේ වර්ග සහිත රෝගී ජිවිත ලේ හිඟ වීම නිසා මිය ගිය වාරයන්ද එමටයි.

මෙම කරුණ ගැන සිත යොමුකල බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිඩ්‍යාලයේ ස්වභාව හා ජාන ඉන්ජිනේරුවන් පිරිසක්, මිනිස් රුධිරාණු පෙට්‍රි දීසියක නිපද වීමට සමත්වී තිබෙනවා.ඕගනීකෘත මාද්‍යයක සාදා ඇති රුධිර සෛල ලෝකය වෙනස් කරන නිර්මානයක් වනු ඇති

Monday, 29 October 2018

බෙහෙත් බොන එක හිතනවට වඩා බරපතලයි...



 අපි හැමෝම ලෙඩ වෙනවා. ලෙඩ උන ගමන් අපි බොහෝ වෙලාවට දොස්තර මහත්තයෙක් ගාවට දුවගෙන යන එක තමයි කරන්නෙ. කව්ද හිතන්නෙ ලෙඩ හොද වෙන්න දෙන බෙහෙතුත් අපිට හෙන ලෙඩක් වෙයි කියලා. අපි මේ කියන්න යන්නෙ එ ගැනයි.
මැන්චෙස්ටර් සරසවියෙ වෛද්‍ය කන්ඩායමක් කරපු පරීක්ෂණයකට අනුව පෙනී ගොස් තියෙන්නෙ මේ බෙහෙත් බොන එකෙන් අපේ වකුගඩු වලට හා අපේ ශරීරයේ බහිස්ස්‍රාවීය පද්ධතියට වෙන හානිය ඉතා විශාල බවයි.
ඔවුන් මෙම පරීක්ෂනය සඳහා යොදාගෙන තියෙන්නෙ ආතරයිටීස්, හදවත් රෝග ඒ වගේම පිලිකා වැනි රෝගී තත්වයන්ට බෙහෙත් ගන්න රෝගීන් පිරිසකුයි. එහිදී ඔවුන්ට පෙනී ගොස් ඇති කාරණවක් තමයි මෙ රෝගීන්ගේ වකුගඩු හා බහිස්ස්‍රාවීය පද්ධතියේ අඩපණ වීම් හා එම කොටස් පිලිකා රෝග වලට ගොදුරු වීමේදී ඉතා වැඩි ඉඩක් පවතින බවයි.
ඔවුන් පවසන්නෙ වෛද්‍යවරුන් වගේම රෝගීනුත් මේ පිලිබඳව ඉතා සැලකිල්ලෙන් කටයුතු කල යුතු බවයි. රොගීන් ඉතා ප්‍රමාණවත් අන්දමින් ජලය පානය කිරීම හා රෝග පාලනය කරගැනීම වැදගත් බවයි. අපේ රටේ නම් වන් ශොට් ලගෙන් බෙහෙත් ගන්න අයත් මේ හින්දා බෙහෙත් ගන්න දෙපාරක් හිතන්න ඔන.

Thursday, 25 October 2018

බලු පැහැයයි. සෞඛ්‍යයයි..

සිඩ්නි විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් කරන ලද නවතම පරීක්ෂණයකින් හෙලිවී ඇත්තේ බල්ලන්ගේ වර්ණය ඔවුන්ගෙ සෞඛ්‍යමත් බව පෙන්වන සධකයක් විය හැකි බවයි. 
ඔවුන් මෙම පරීක්ෂණය සඳහා ලැබ්ඩ්‍රේඩර්ස් වර්ගයේ බලු සුරතලුන් තිස්තුන්දහසක් පමණ අධ්‍යනය කර තිබෙනවා. එහිදී හෙලිවී ඇත්තෙ ඩුබුරු පැහැයක් ඇති සතුන් ගේ ආයු කාලය එම වර්ගයේම සුදු සහ කලු වර්ණයන්ගෙන් යුහ් සතුන්ට වඩා සාපේක්ෂව අඩු බවයි.
වැඩිඩුරටත් අදහස් දක්වන පර්යේෂකයන් කියාසිටින්නෙ,සාමන්යෙන් ලැබ්ඩ්‍රේඩර්ස් වර්ගයෙ සතෙකු සාමාන්‍ය පශු වෛද්‍ය පහසුකම් යටතේ වසර 12 ක් පමන ජීවත් වුවත් දුබුරු පැහැය ඇති සතුන් බොහෝවිට එම කාලයෙන් සියයට අනූවක් වත් ජීවත් නොවන බවයි. මේ සඳහා සතුන්ගේ වර්ණය තීරණය කරනු ලබන ජානය හෝ පරිසර සංවේදීතාව බලපානු ඇතැයි ඔවුන් පෙරයීම් කරන අතර වැඩිදුර පර්යේෂණ කටයුතු කිරීමටද බලාපොරොත්තුවෙන් සිටියි.

Thursday, 11 October 2018

කෘමීන් සමඟ වන යුද්ධය..




යුද්ධය අපට අමුතුවෙන් පැහැදිලි කලයුතු යමක් නොවේ. ජීවිත දහස් ගණනක් අහිමි වුවත් ජීවිත ගාණකට උන් හිටි තැන් අහිමි වූවත් විද්‍යාවට හා ඇතැම් විද්‍යාඥයන්ට නම් ඉතා සරුයි. ඒ  නවීන අවි ආයුද හා නව තාක්ෂණික යෙදුම් නිපදවීමට නොමසුරුව අරමුදල් හා පර්යේෂන පහසුකම් ලැබීමයි.
ජීව විද්‍යාත්මක අවි. අද ලෝකයේ බොහෝ අවධානයට ලක් වූ මාතෘකාවක්.සයන්ස් ඩේලි සඟරාව පවසන පරිදි ඇමරිකානු රාජ්ය ආරක්ශක දෙපාරතුමේන්තුව මගින් මූල්‍යාධාර සපයනු ලබන ආයතනයක් වන උසස් ආරක්ශන පර්යේෂණ ආයතනය මගින් නිපදවන ලද ජාන විකෘති කරන ලද වයිරස් විෂෙශය දැක්විය හැකියි.කෘමීන් ගේ මඟින් ව්‍යාප්ත කිරිමට සැලසුම් කරන ලද මෙම වයිරස් විශේෂය භෝග වගාවට හනිකර කෘමීන් සහ භෝගවල ඵලදාව වැඩි කිරීමට සමත්.මෙම වයිරස ප්‍රවාහන්ය සඳහා ඔවුන් ජානමය වශයෙන් දියුණු කරන ලද මැස්සන් විශේෂයක් අවුරුදු හතරක වෑයමකින් පසුව නිපඳවා තිබෙනවා.සමහර විද්‍යාඥයන් මෙය අතුරු අනතුරු බහුල ප්‍රයත්නයක් ලෙසයි හදුන්වන්නේ.නමුත් යුධ විශේශඥ්ඥයන් පවසන පරිදි මෙම තාක්ෂණය වැරදි පුද්ගලයන් අතට පත් වුවහොත් තෙවන ලෝකයුද්ධය් න්‍යෂ්ටික අවි වලින් ආරම්භවී කෘමින් සමඟ වන යුද්ධයකින් අවසන් වනු ඇති බවයි.

Friday, 28 September 2018

කණ්ඩායම් ක්‍රීඩාවෙන් ලැබෙන දේ..

 
ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් කරන ලද නව පර්යේෂනයකට අනුව කණ්ඩායම් ක්‍රීඩා කරන කාන්තාවන්ගේ මානසික සෞඛ්‍ය හා පවුල් ජීවිතය වඩා යහපත් වන බව පෙනීගොස් ඇත.
මෙම පර්යේෂනය සඳහා ඔවුන් ඕස්ට්‍රේලියානු දැල්පන්දු කණ්ඩායමක්, ටෙනිස් කාන්තා කණ්ඩායමක් හා තනිව ශාරීරික ව්‍යායාම හා තනිව ඇවිදීමේ ව්‍යායාම කරන කාන්තාවන් පිරිසක් නි‍යැදි වශයෙන් යොදාගෙන ඇත.මෙම කාන්තාවන් අතුරෙන් කණ්ඩායම් ක්‍රියාකාරකම් කරන කාන්තාවන්ගේ මානසික තත්වය ඉතා යහපත් බව පෙනී යයි.එමෙන්ම ඔවුන්ගේ යුග දිවිය හා පෞද්ගලික දිවිය ඉතා ප්‍රීතිමත් අයුරින් ගෙවී යන බවද පෙනී ගොස් ඇත. මෙම නිසා පර්යේශකයින් තනිව කරන ශාරීරික ක්‍රියාකාරකම් වලින් බැහැරව කණ්ඩායම් ක්‍රියාකාරකම් කිරීමට මහජනයා උනන්දු විය යුතු බව පෙන්වා දෙයි.




ග්‍රේටර් ගුඩ් සඟරාව ඇසුරිණි.

Tuesday, 25 September 2018

ඉවතට යන කාබන් ඩයොක්සයිඩ් නැවත ප්‍රයෝජනයට


 අද වන විට ගෝලීය උනුසුම වැඩිවීම මුලු ලෝකයක් මුහුන පා ඇති ගැටලුවකි. මේ සඳහා ප්‍රධාන වශයෙන් හරිතාගාර ආචරණය බලපායි. හරිතාගාර ආචරනය සිදුවීමේදී දහනය නිසා වායුගොලය ට එක්වන කාබන් ඩයොක්සයිඩ් මගින් පෘථිවියෙන් පිටවන තාපය නැවත පෘථිවිය දෙසටම හරවා එවීම සිදුකරයි.
මෙම නිසා වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් පාලනය කිරීම සිදුවිය යුත්තකි. සත්ව හා ශාක මගින් සිදු කරන ස්වසනයෙන් හා කාබනික ද්‍රව්ය දහනය කිරීමේදී වැඩි වශයෙන් මෙම වායුව වායු ගෝලයට එක්වෙයි.
 Delware විශ්ව විද්යාලයේ පර්යේශකයින් පිරිසක් විසින් මේ සඳහා පිලියමක් ලෙස ඉන්දන දහනය වෙනුවට ද්වි පියවර විද්යුත් ව්ච්චේදන ක්‍රමයක් යෝජනා කර සිටියි.මෙහිදී පලමුව CO2  COබවටත් පසුව CO C+2 අණු බවටත් පත් කරනු ලබයි.


මෙම පර්යේෂණය මෙහෙයවන  Delware සරසවියේ මහාචාර්ය ෆෙන්ග් ජ්යෝ පවසන පරිදි මෙම ක්‍රමය ඉන්දන දහනයට වඩා ඉතා කාර්යක්ශම වන අතර වඩා පරිසර හිතකමී ක්‍රමයක් ලෙසට දියුනු කල හැක

සයන්ස් ඩේලි අසුරෙනි